ආයුබෝවන් යහළුවනේ,

කලකට පස්සේ ආයිමත් මම ආවා ඔබ හමුවට. අද මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ JAVA 8 තුලදී අපට හමුවන නවතම වෙනස්කමක් පිලිබඳවයි. එනම් JAVA 8 Date and Time API එක පිලිබඳවයි. හරි. වැඩි කථාබහක් නැතුවම අපි වැඩේට බහිමු.

JAVA 8 Date/Time API එකට අදාල සියලුම classes 'java.time' පැකේජය තුලයි අන්තර්ගත වෙන්නේ. ඉන් ප්‍රථමයෙන්ම අපි සොයා යන්නේ java.time.LocalDate class එක පිලිබඳවයි.

LocalDate මගින් time එක නොමැතිව year-month-date සහිත object එකක් ලබා දෙයි.

1:  // අද දිනය  
2:  LocalDate CD = LocalDate.now();  
3:    
4:  // 2016-02-10  
5:  LocalDate LD = LocalDate.of(2016, Month.FEBRUARY, 10);  
6:    
7:  // මාස වල අගයන් ආරම්භ වන්නේ 1 නි.  
8:  LocalDate LD = LocalDate.of(2014, 8, 1);  
9:    
10:  // 2016 වසරේ 65 වන දිනය   
11:  LocalDate LD = LocalDate.ofYearDay(2010, 65); 

මීලඟට අපි අවධානය යොමු කරන්නේ LocalTime සහ LocalDateTime යන class 2 වෙතටයි.

0 comments:

Post a Comment