edited June 9 in General
ඔගොල්ලො දැනටමත් දන්නවනෙ Java කියන්නෙ High-Level Programming Language එකක් කියල. එහෙම ලැංවේජ් එකක සංවිධානාත්මක බවක් තියෙන්න ඕනෙ. දත්ත තැම්පත් කරගැනීමේදී දත්ත තැම්පත් කරගැනීමට ප්‍රාථමික මතකයේ ඉඩ වෙන්කරවාගැනීමේදී ඒකට යම්කිසි නිශ්චිත පිලිවෙලක් තියෙන්න ඕනෙ.
ඉතින් ජාවා වලදී මෙහෙම දත්ත තැන්පත් කරගැනීමට ප්‍රාථමික මතකය තුල සීමා සහිතව ඉඩ වෙන් කරගැනීමට තමයි මේ වේරියබල්ස් භාවිතා කරන්නෙ. මේව Java වලදි විතරක් නෙමෙයි C++, Python, PHP වගේ ප්‍රෝග්‍රැමින් ලැංවේජ් වලදිත් යොදාගන්නව.

http://tecnoesis.files.wordpress.com/2009/11/2-difft-data-types.jpg

වේරියබල් එකක් යොදාගෙන දත්ත ගබඩා කිරීමේදී එය තුල ගබඩා කරන්නේ Text, Numbers හෝ True/False යන්න හා වේරියබල් එක තුල ගබඩා කලහැකි දත්ත ප්‍රමාණය තීරණය වෙන්නෙ වේරියබල් එක Declare කිරීමේදී හෙවත් හඳුන්වාදීමේදී යොදන Data-Type එක මතයි.


ඉහත වගුව හොඳින් අධ්‍යනය කිරීමේන් ඔබට අවබෝද කරගන්න පුලුවන් එක් එක් Data Types උපයෝගී කරගෙන ජාව තුලදී ගබඩා කලහැකි දත්ත වර්ග සහ ප්‍රමාණයන් පිලිබඳව.

දැන් අපි සරලව බලමු ජාව තුලින් වේරියබල් එකක් Declare ගන්නා ආකාරය. මේ ආකාරයට වේරියබල් Declare කිරීම variable declaration ලෙස හැදින්වෙනවා.

int x;
x = 10;

පළමු පේලියේ int නමින් සඳහන් වන්නේ ඩේට ටයිප් එකයි. ඉහට වගුවට අනුව ඔබ ප්‍රෝග්‍රෑම් ලිවීමේදී භාවිත කිරීමට අව්ශ්‍ය දත්ත වර්ගයට අදාල ඩේට ටයිප් එක මෙහිදී යොදාගත යුතුයි.
මෙහි x නමින් හදූන්වා ඇත්තේ වේරියබල් එක හඳුනාගැනීමට යොදන නමයි. මෙයට ඔබට අවශ්‍ය නමක් භාවිත කර ඇත.
දෙවන පේලියෙන් සිදුකර ඇත්තේ අප ඉහතින් ඩික්ලෙයාර් කරගත් වේරියබල් එකෙහි නමට අගයක් ආදේශ කිරීමයි. (මෙහිදී ‍x කියන integer වේරියබල් එකට 10 ආදේශ කර ඇත.)


දැන් අපි වේරියබල් භාවිතා කර ජාවා ප්‍රෝග්‍රෑම් එකක් ලියන ආකාරය සලකා බලමු.

public class MyFirstVariableDeclaration
{
public static void main (String [] args)
{
int x = 15;
int y = 5;
int z = x+y;

System.out.println("Sum is" +z);
}
}

දැන් ඔබ java program ලිවීමේදී මේ ආකාරයට ඩේටා ටයිප්ස් යොදාගෙන වේරියබල්ස් සකසාගන්න පුලුවන්. එහෙනම් අලුත් ටියුටෝරියල් එකක් සමගින් පසුව හමුවෙමු. එතෙක් සුභ දවසක්..!

0 comments:

Post a Comment